වයස අවුරුදු 20ට සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර මාත්‍රාව වශයෙන්ද, වයස අවුරුදු 12 – 19ත් අතර ළමුන් සඳහා පළමු සහ දෙවන මාත්‍රාව වශයෙන්ද සැප්තැම්බර් 17, 24 සහ ඔක්තෝම්බර් 01, 08 යන සෙනසුරාදා දිනයන්හි සතියේ අනෙකුත් දිනවල පවත්වන කොවිඩ් 19 සඳහා වන සාමාන්‍ය එන්නත් කිරීමේ සේවාවන්ට අමතරව උදේ 08.00 සිට සවස 04.00 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මූලික රෝහල් සහ ඉහළ රෝහල් මගින් එන්නත් ලබාදීම සිදුකරයි.
එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ පාසල් දරුවන්ට, එනම් වයස අවුරුදු 12 – 19ත් අතර පාසල් දරුවන්ට, COMIRNATY – COVID – 19 mRNA ෆයිසර් එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් එන්න්ත් කිරීම සම්පූර්ණ කිරීම සඳහා වේගවත් පාසල් පාදක එන්නත් වැඩසටහන් සංවිධානය කරනු ලබයි. පාසල් පාදක වැඩසටහන තුළින් එන්නත් ලබාගැනීමට නොහැකි වූවන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සායන වලදී එන්නත් ලබාදෙනු ඇත.
කොවිඩ් 19 රෝගයට එරෙහිව එන්නත් කිරීමේ වැඩසටහන 2021 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කැපවීම සහ ප්‍රජාවගේ සහයෝගීතාවයෙන් ඉහළ එන්නත් ආවරණයක් ලබාගැනීමට හැකිවී ඇත. මෙය සාමාන්‍ය ජීවන රටාවකට සහ ආර්ථික ක්‍රියාකාරකම් වලට නැවත ළඟාවීමට මග පාදමින් රට තුළ කොවිඩ් 19 රෝග සම්ප්‍රේෂණය අවම කිරීමට සහ කොවිඩ් 19 රෝගය නිසා ඇතිවන මරණ අවම කිරීමට දායක වී ඇත.
ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලත් පාසල් ළමුන් අතර සාපේක්ෂ අඩු එන්නත් ආවරණය සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම වැඩසටහන දියත් කර ඇත.