කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිය අවධානය යොමු කළ බවත්, බද්ද ඉවත් කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් තමා ලිපියක් යැවීමට කටයුතු කරන බවත්, ජනාධිපතිවරයා එය ඉටු කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවත්,රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය (news.lk) විසින් සනීපාරක්ෂක තුවාවල පවතින මිල තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අද (15) රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ,කාන්තා සනීපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව එය කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවය වෙනුවෙන් වූ දෙයක් බවත් ය.