එම ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා සහ කෘෂි වන වගා පර්යේෂණ පිළීබඳ ජාත්‍යන්තර කවුන්සිලය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඇන්තනී සයිමන්ස් මහතා අත්සන් කර ඇත.
දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමට අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා කෘෂි වනවගා පර්යේෂණ පිළිබද ජාත්‍යන්තර කවුන්සිලය සමග ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමි වී තිබේ.
කෘෂි වනවගා පර්යේෂණ පිළිබද ජාත්‍යන්තර කවුන්සිලය වර්ෂ 1992 දී අන්තර්ජාතික කෘෂිකර්ම පර්යෝෂණ පිළිබඳ උපදේශක සමූහයේ ප්‍රධානතම ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස පිළිගෙන ඇත.මෙම ආයතනය ආහාර සුරක්ෂිතතාවය සහ පාරිසරික තිරසරභාවය සහතික කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල ගොවිබිමේ සිට ගෝලීය මට්ටම දක්වා දැනුම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය මෙන්ම කෘෂි වනවගාවවන් පිළිබඳ පර්යෝෂණ සිදු කරනු ලැබේ.
එසේම මෙම කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය , ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශ සංරක්ෂණය , ජල මූලාශ්‍ර සංරක්ෂණය, පාංශු සංරක්ෂණය හා කෘෂි වනවගාව පිළීබඳ ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සහ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහය විශේෂඥ උපදෙස් සහ මූල්‍යාධාර ලබා දී ඇත.
එමෙන්ම කෘෂි වනවගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය එහි දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානය හරහා තිරසාර සංවර්ධන ඉලක්ක කලාපීය වශයෙන් ළඟා කර ගැනීමට සහය වෙමින් පර්යේෂණ කාර්යයද සිදු කෙරේ.
මෙම කවුන්සිලය සමග සමීපව කටයුතු කර තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම සත්කාරක ගිවිසුම ශ්‍රී ලංකාවට දායකත්වයක් සපයනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.