ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිගණක සහ මූල්‍යමය ත්‍යාග ලබාදීම මෙහිදී සිදුකෙරිණි.
ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසන්ක සමරකෝන්, ජීව විද්‍යා අංශයේ පළමුවැනියා වූ මඩකලපුව, ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවාරකේෂ්, වානිජ අංශයෙන් පළමු ස්ථානය ලැබූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න, කලා අංශයේ පළමුවැනියා වූ බදුල්ල, කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ පළමුවැනියා වූ කුරුණෑගල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය යටතේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසරි පබසරා ලොකු පතිරගේ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහිදී ඇගයීමට ලක්කෙරිණි.
දෑත් නොමැතිව විභාගය ලියූ රත්නපුර ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ රෂ්මි නිමේෂා ගුණවර්ධන ශිෂ්‍යාව ද මෙහිදී ඇගයීමට ලක්විය.
ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ හින්දු විද්‍යාලයේ ජයචන්ද්‍ර තුවරාජේෂ්, තෙවන ස්ථානය හිමිකරගත් බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ හන්සජ රමිත් ඇල්වෙල, ජීව විද්‍යා අංශයේ දෙවැනියා වූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ අමාෂා නිශාමනී ජයලත්, තෙවැනියා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිසර සිත්මක ජයරත්න, වානිජ අංශයෙන් දෙවන ස්ථානය ලැබූ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ රෂිනි දුල්යා ඩයස්, තෙවැනි ස්ථානය ලැබූ මාතර, ශාන්ත තෝමස් විද්‍යාලයේ එම්.එන් මොහොමඩ් නිහාඩ්, කලා අංශයේ දෙවැනියා වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ජිහාන් සඳරුවන්, තෙවැනි ස්ථානය හිමිකරගත් චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ සකුන්තලා සෙව්වන්දි, ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත්මල්ෂාන් බණ්ඩාර රාජපතිරණ, තෙවැනියා වූ කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සඳුනිකා ගෝවින්න සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය හිමිකරගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සහ තුන්වැනි ස්ථානය හිමිකරගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව ප්‍රභාෂ්වර ලන්සකාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරින් සහ සිසුන්ගේ පවුල් වල පිරිස් එක්ව සිටියහ.