පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    COVID 19 එන්නත් කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

    සැප්තැම්බර් 17, 2022

     

    කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුල දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ් අනුව සැප්තැම්බර් 17 සහ 24 සහ ඔක්තෝබර් 1 සහ 8 යන සති අන්ත 04 තුළ මෙම වැඩපිළිවෙල දිවයින පුරා සැම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හි පැවැත්වේ.

    මෙම එන්නත් වැඩසටහන තුල වයස අවුරුදු 20 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර් මාත්‍රාත්, වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාත් ලබාදී ඇති බවට තරවුරු කර ගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් ලබාදීමද සිදු කෙරේ.

    සියලු සුදුසුකම් ලත් කණ්ඩායම් සඳහා අදාල දිනයන් හි සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක්ම මධ්‍යම සායනය ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අවම වශයෙන් ස්ථාන 03 ක හෝ එන්නත් මධ්‍යස්ථාන 03 ක විශේෂ එන්නත් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අදාල නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත.

    මෙම සායන පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව තැබේ.

    සතියේ අනෙකුත් දිනවල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හරහා ලබා දෙන සාමාන්‍ය COVID 19 එන්නත් කිරීමේ සේවාවන්ට අමතරව මෙම එන්නත් කිරීමේ ව්‍යාපාරය පැවැත්වෙන අතර, සියලුම එන්නත් සායන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද COVID-19 එන්නත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වේ.

    මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ශකිත්මත් කිරිමට සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියළු ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ පිළිබද වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හා සම්බන්ධව ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya