ඔහු මේ බව කියා සිටියේ, විපක්ෂය 20 දින පාර්ලිමේන්තුවේදී, පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි, විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවත්, නීතිය අනුව ඒ පිළිබඳ කටයුතු කරන බවත්, නීතියෙන් පිට කිසිවක් සිදු නොකරන බවත්ය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයාද වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, දීර්ඝ කාලයක් සාකච්ඡා කර එම කාරක සභාව දුන් නිර්දේශ ගැන ඇතැම් නීති කෙටුම්පත් සකස් කර ඉදිරිපත් කර ඇති බවය. ඇතැම් කෙටුම්පත් මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිෂන් සභාවටද හිමි බලතල ප්‍රමාණයක් ඇති නිසා, තවම ගෙවෙන්නේ සැප්තැම්බර් මාසය වන නිසා කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නැයිද අග්‍රාමාත්‍යවරයා විපක්ෂයට දන්වා සිටියේය.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හස්පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
"ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ මැතිවරණ පිළිබඳ සංශෝධන කාරක සභාව දීර්ඝ කාලයක් කටයුතු කරලා නිර්දේශ රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශයන් පිළිබඳ නීති කෙටුම්පත දැනට සකස් කරලා ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර කෙටුම්පත් ගැන කොමිෂන් සභාව අධ්‍යයනය කරනවා. ඒ නිසා අපේ කිසිම ගැටලුවක් නෑ මේ කියන කලබලයක් තවම නෑ. අද ඉන්නේ අපි සැප්තැම්බර් මාසේ. ඒ නිසා ඒ අනුගමනය කරන පිළිවෙත් නීතිය අනුව මිසක් නීතියෙන් පිට ගමන් කරන්න බෑනේ."
"කලබල වෙලානේ ඉන්නේ, මේ අපේ ප්‍රතිපක්ෂය කලබල වෙලා ඉන්නේ. ඒ නිසා මම පැහැදිලිව කිව්වා, නීතිය අනුව කටුයුතු කරන බව. මැතිවරණ කොමිෂන් සභාවටත් යම්කිසි හිමි බලතල ප්‍රමාණයක් අපි පවරා තිබෙනවා. අමතක කරන්න එපා. ඒ නිසා විටින් විට අපිට ඕන වෙලාවට අපි හඬ නඟපු පලියට සියලු දේ පසුදා ම සිද්ධ වෙන්නේ නෑ. ඉවසීමෙන් අපි ගමන් කරනවා, අනුගමනය කරන නීති රීති අනුව."