සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන දේශීය ව්‍යාපාරිකයින් සහ ආනයනිකයන් සමග අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ද මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා පාසල් සිසුවියන් පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ආර්ථික පසුබෑමත් සමග මෙම ගැටලුව ඇති වී ඇති බවත්
වෙළෙඳ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත‍්‍යංශය සමග එක් වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.