2021 වසරේ සමස්ථ බදු ආදායමෙන් 19%ක් දුම්වැටි සහ මධ්‍යසාර මගින් ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙරට මද්‍යසාර හා දුම්වැටි බදුකරණය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම සහ බදු ගණනය කිරීම් වලදී සිදුවන දූෂණ මෙන්ම බදු ගෙවීමේ දී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ආයතන විසින් සිදු කරනු ලබන අක්‍රමිකතා නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2යටතේ සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වඩාත් සංකීර්ණ මිල සූත්‍රයක් වෙනුවට දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මිල දර්ශකයක් හැකි ඉක්මනින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.මීට අමතරව දුම්වැටි ප්‍රවර්ධනය කරන වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන යෙදවුමක්ද හඳුන්වා දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.