අමාත්‍යවරයා මේ බව පැවසූයේ SLT තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දී (20) දින SLT තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ආරම්භ කිරීම සදහා වූ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සහනාධාර වැඩියෙන් දෙන පක්ෂයට ජනතා වරම ලබා දෙන තත්ත්වයට මේ රට පත් වී තිබුණා. එම ක්‍රමය වෙනස් කරන යුගයේ නායකයින් ලෙස අපි යම් වැඩ කොටසක් කළ යුතුයි. ඒ සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ලෙස අපිට ලොකු වගකීමක් පැවරිලා තිබෙනවා. එම වගකීම ඉටු කරන්න පුලුවන් නිළධාරීන් මෙතන සිටිනවා. මෙම කටයුතු සාර්ථක කර ගන්න SLT තාක්ෂණ විශ්වවිද්‍යාලය ලොකු ශක්තියක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ව්‍යවහාරික තොරතුරු තාක්ෂණය පිළිබද උපාධිය (Bachelor Of Applied Information Technology) ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයන්හි හදාරන්න අපේ තරුණ තරුණියන්ට අවස්තාව සළසා දී තිබෙනවා. ක්‍රීඩා හායෞවන කටයුතු අමාත්‍යාංශය ලෙස අපි ඒ සදහා මැදිහත් වූවා. ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස (උ/පෙළ) විභාගය එස් (S) සාමාර්ථ 3 ක් සමග සමත් තරුණ තරුණියන්ට මෙම උපාධි පාඨමාලාව සදහා ඇතුළත් විය හැකියි. දිවයින පුරා තොරාගත් පුහුණු මධ්‍යස්ථාන 75 ක මුල් අදියර යටතේ 2000 ක පමණ ශිෂ්‍ය පිරිසක් බදවා ගන්න බලාපොරොත්තු වන අතර 2022 ඔක්තොම්බර් මස ආරම්භ කිරීමට කටයුතු කරනවා.
පරිගණක ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික උපාධිධාරීන් බිහිකිරීම මෙහි මූලික අරමුණ යි. විදේශීය රැකියා වෙළදපොළ මෙන්ම දේශීය රැකියා වෙළද පොළෙහි ද අද තොරතුරු තාක්ෂණ රැකියා සදහා සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයින්ගේ අඩුව පුරවන්න යම්තාක් දුරට මෙය දායක වේවි කියා මා විස්වාශ කරනවා.
මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, SLTC තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති ඉංජිනේරු රංජිත් රූබසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, සැලෑස්කොම් ආයතනයේ සභාපති අශීක් අලී, ට්රේස් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සංකල්ප ගම්වර්ගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.