පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින්,ඖෂධ හා ත්‍රීපෝෂ පිළිබඳව පලවන ප්‍රවෘත්ති පිළිබඳව සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
යුනිසෙෆ් කණ්ඩායම කාර්යාලයට කැඳවා මන්ද පෝෂණය පිළිබඳ සිදු කළ ප්‍රකාශය ගැන විමසූ විට ඔවුන් කණගාටුව පළ කළ බව අමාත්‍යවරයා පවසීය.ඔවුන් 2016 වාර්තා ඉදිරිපත් කර තිබූ බවද අමාත්‍යවරයා කීය.
මෙහිදී කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා;
ප්‍රශ්නයක් නැහැ කියන්න මා සූදානම් නෑ. අපේ වැරදි තීන්දුවක් අනුව,බඩඉරිගු වගාවේ අඩුවක් තියෙනවා. ඒක අපට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඇල්ෆට්‍රොක්සීන් ප්‍රශ්නය ඊයේ සවස සාකච්ඡා කළා,අමූලික බොරුවක් බව පාර්ලිමේන්තුවේ දී වගකීමෙන් කියනවා. මෙයට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ලේකම්තුමාට කිව්වා. මෙය අසාධාරණ කතාවක්.පිළිකා කාරක තිබෙන බවට සමාජයක් බය ගන්වන,නින්දික ආකාරයෙන් කටයුතු කරන දෙයක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්වරයාගේ අවසරය ගන්න ඕන. බදුල්ලේ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා ඖෂධ නෑ. ශෛල්‍යකර්ම නතර වෙලා කියලා.අධ්‍යක්ෂකතුමා ලිඛිතව එවල තියෙනවා මේ ඖෂධ තියෙනවා කියලා.මෙය සංවිධානාත්මකව දේශපාලන වැඩපිළිවෙලකට පරිවර්ථනය කරනවා නම්, එයට ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නෑ.
ත්‍රීපෝෂ සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණා.එක සිදුවීමක් අරගෙන පත්තරේ ගහනවා, හැම බුද්ධපූජාවක්ම කනවා කියලා.මේ අසාධාරණය කරන්න එපා.මෙය අප සියලු දෙනාගෙ ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නය විසඳන වැඩපිළිවෙල මානුෂික මට්ටමින් බලන්න ඕන.මේ ප්‍රශ්නවලින් ආණ්ඩුවක් ලෙස පැන යන්නේ නෑ. අපට මුදල් ලැබී තිබෙනවා. මෙය මානුෂික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. සමහර වෘත්තිකයින් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම කණගාටුදායකයි''යැයි ද අමාත්‍යවරයා පැවසීය