පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සහල් පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
''සහල් හිඟයක් නිසා සහල් ගෙනාවේ. අපේ ගොවීන් නිෂ්පාදනය කරන සහල් ප්‍රමිතියෙන් ඉහළ මට්ටමක තිබෙනවා.විසකර වල්නාශක තහනම් කර තිබෙනවා. ප්‍රමිතියෙන් ඉහළ සහල් නිෂ්පාදනය කරන රටක් ශ්‍රී ලංකාව. අපේ රටේ ගොවීන් නිෂ්පාදනය කළ ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොලේ තිබෙනවා.ඒ සහල් පරිභෝජනය කිරීම තමයි වඩාත් සෞඛ්‍ය හිතකර. අනෙක් රටවලින් ගෙන්වන සහල්වලට වඩා අපේ ගොවීන් නිෂ්පාදනය කරන සහල් ප්‍රමිතියෙන් ඉහළයි. මේ කාරණය වැරදි විදියට උලුප්පා දැක්වීමයි ප්‍රශ්නය''යැයි පැවසීය