මේ සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කළ බවත් එම කමිටටුව මඟින් පළාත් මට්ටමින් මෙම කටයුතු සිදු වෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට දිවයිනට සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත් එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරටට පැමිණෙන සංචාරකයින් වියදම් කරන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් නිසි ගණනය කිරීමක් නොමැති බවත් ඇතැම් විදේශිකයින් තම සංචාරයේදී මග පෙන්වන්නෙකු හෝ යොදා නොගන්නා තත්වයට පත්ව ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා TDL ලයිසන් ගැනීමට බලාපොරොත්තු වන බවද කිය.
ඇතැම් ප්‍රදේශ වල සංචාරක ස්ථාන හඳුනා ගැනීමේ දී එම ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධතා පැමිණෙන බවත් ඉහත අනුකමිටුව මඟින් ක්‍රියාත්මක වීමේදී මෙම ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.