පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

    සැප්තැම්බර් 21, 2022

     

    දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.


    අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
    පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya