ඇය මේ බව පැවසුවේ අද (21) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ජාතික පෝෂණ මාසය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මෙවර ජාතික පෝෂණ මාසයේ තේමාව අඩු වියදමකින් පෝෂණය සුරකිමු, දැනුවත් වෙමු, ආදේශක සොයමු, වවමු, බෙදාගනිමු යන්න බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබදව මේ දිනවල විශේෂයෙන් කතාබහට ලක්වන බවද අවධාරණය කළාය.
මෙලෙස වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ වර්ධනය තක්සේරු කිරීම සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික්ක, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කිරීමක් සිදුකළ බවද, එළඹෙන ඔක්තෝම්බර් මාසයේ තම ප්‍රදේශයේ පැවැත්වෙන බර කිරන මධ්‍යස්ථානයට හෝ බර කිරීමේ සායනයට තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කර අදාල ස්ථානයට තම දරුවා රැගෙන ගොස් දරුවාගේ වර්ධන තත්ත්වය මැන බලන ලෙස දිවයිනේ සියලුම මවුවරුන්ගෙන් සහ පියවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවාය.
මෙමගින් මුළු දිවයිනේම සිටින වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබදව නිර්ණය කළ හැකි බවද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
දරුවන්ගේ වර්ධනය මැන බැලීම සම්බන්ධයෙන් අදාල සායන වලදී දරුවන්ගේ බර සහ උස මැන බලන ආකාරය පිළිබදව විශේෂ පැහැදිලි කිරීමක් කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී චින්තා ජයම්පති මහත්මිය විසින් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සිදුකළ අතර අදාල අවස්ථා ප්‍රායෝගිකව පෙන්වීම සදහා කොළඹ මහනගර සභාවේ මහජන හෙද සොයුරිය ආර්. ධර්මිතා මහත්මිය සහ කොළඹ මහනගර සභාවේ පවුල් සේවා නිලධාරී ආර්.පී.ඩී.අයි. උදේශිකා මහත්මිය ද සහාය ලබාදුන්නාය.