අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී 21 දින පැවති සාකච්ඡාවකදීය.
කොළඹ - ප්‍රදීප් උදුගොඩ, ගම්පහ - සහන් ප්‍රදීප් විතාන, කළුතර - සංජීව එදිරිමාන්න, ගාල්ල - සම්පත් අතුකෝරල, මාතර - නිපුණ රණවක, කුරුණෑගල - සමන්ප්‍රිය හේරත්, පුත්තලම - චින්තක මායාදුන්නේ, අනුරාධපුරය - එච්. නන්දසේන, මහනුවර - ගුණතිලක රාජපක්ෂ, මාතලේ - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, නුවරඑළිය - එස්.බී. දිසානායක, බදුල්ල - සුදර්ශන දෙනිපිටිය, මොණරාගල - කුමාරසිරි රත්නායක, රත්නපුර - අකිල එල්ලාවල, කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල - ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) ඩබ්ලිව්. එම්. ඒ. පී. බී. වන්නිනායක යන මහත්තුරුද එක්වූහ.