“ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහන මිලක්” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (සැප්තැම්බර් 21 දා) පැවති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.
මේ වන විට විදේශ රටවලින් පවා මෙරට කුළුබඩු සඳහා ඇණවුම් ලැබෙන බවත්, සිය ආයතනය පටන්ගෙන වසරක් ගතවී නොමැති වුවද මේ වන විට විදේශ විනිමය ඇතුළු සාර්ථක ආදායම් උපයන ආයතනයක් බවට පත්වීමට සිය ආයතනයට හැකිවී ඇති බවත්, එම ආයතනය අද වන විට නිෂ්පාදකයන්, අපනයනකරුවන් හා ගැණුම්කරුවන් එකට සම්බන්ධකරන ප්‍රධාන ස්ථානයක් බවට පත්වී ඇති බවත්, සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.