රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කෙරුණු බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය යළි කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන්කරවා
ගැනීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය ආයතන සමඟ දැනටමත් සාකච්ඡා කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
මෙම අදහස් පළකර සිටියේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (19) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබදව මෙම සාකච්ඡාව පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ දෙකකට අධික ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම රජයේ වගකීමක් බවයි. එබැවින් බස්නාගොඩ ජල ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට තමා පෙරමුණ ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. පසුගිය කාලයේදී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය යටතේ බස්නාගොඩ ජලාශය ඉඳිකෙරෙන අතර වාරිමාර්ග අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එම ජලාශය ඉඳිකරනු ලබයි.
යෝජිත ජලාශයේ ප්‍රධාන වේල්ල අත්තනගලු ඔයේ අතු ගංගාවක් වන බස්නාගොඩ ඔය හරහා කරස්නාගොඩ ග්‍රාමයේ ඉදිකිරීමට නියමිතය. එම ප්‍රධාන වේල්ල මීටර 130 ක පමණ දිගකින් යුතුවේ. උස මීටර 20 කි. එමෙන්ම මීටර 50 ක පමණ උසකින් යුතු ගේට්ටු දෙකකින් සමන්විත පිටවානකින්ද බස්නාගොඩ ජලාශය සමන්විතවේ. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස ආමත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, ගම්පහ දිසාපති ඩබ්.එස්. සත්‍යානන්ද මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.