අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.
විදුලිබල මණ්ඩලය , ලෙකෝ සමාගම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන ඒකාබද්ධව විහාරස්ථානවලට, ව්‍යාපාර , හෝටල්, රජයේ ගොඩනැගිලි , ගෘහස්ථ ආදී අංශවලට සූර්‍යපැනල ලබාදීමට අවශ්‍ය ණය ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය යොමුව ඇත.
ඉන්දියානු ඩොලර් මිලියන සියයේ ණය මුදලින් විහාරස්ථාන දෙදහසක විදුලි අවශ්‍යතාව ආවරණය කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
රාජ්‍ය ආයතනව, පාසල්වල, රෝහල්වල සහ තවත් ආයතනවල වහළය මත සූර්‍යපැනල සවි කිරීම සිදුකෙරේ. විදුලි උත්පාදන වියදම අඩුකරගනිමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරන බව අමාත්‍යවරයා කීය.