ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (22) දිනයේ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය සමයේ එම ආයතනයේ සිදුව ඇති දුර්වල කළමණාකරණය, පෞද්ගලික නාලිකාවල තරගකාරි බව යනාදිය හේතුවෙන් පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් ජාතික මට්ටමේ සහ ප්‍රාෙද්ශීය මට්ටමේ මාධ්‍ය වේදින්ගේ සුභ සාධනය වෙනුවෙන් ඉදිරියේදී නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ගුණාත්මක සහ වෘත්තීය මට්ටමෙන් ඉහළ මාධ්‍ය වේදින් බිහි කිරීම සඳහා වරලත් ජනමාධ්‍යවේදීන් බිහිකරන ආයතනයක් කඩිනමින් අරඹන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන තුළින් කළ යුතු කාර්යභාරයක් ඇති බවත් දේශපාලක්ඥයින්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ සහ ජනතාව තුළ ධෛර්යය ඇති කිරීම වෙනුවෙන් සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරන්නැයි තමා ආරාධනා කරන බවද කීය.