සභාපතිවරයා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසුවේ, මේ දිනවල විෂ සහිත රසායනිකයක් අඩංගු ත්‍රීපෝෂ සම්බන්ධව සිදුවන ප්‍රචාර ගැන ප්‍රතිචාර දක්වමිනි.
වසර 50කට ආසන්න ඉතිහාසයක් ඇති ත්‍රිපෝෂ සමාගම ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා මූලික අමුද්‍රව්‍ය 02ක් යොදාගන්නා බවද, එනම් 66%ක් බඩඉරිගු සහ 32%ක් සෝයා බෝංචි යොදාගනිමින් කිරි පිටි, විටමින් සහ මිනරල් වර්ග යොදාගනිමින් රසකාරක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොකරමින් හුමාලයෙන් තම්බන ලද ආහාරයක් ලෙස පැකට් කර මෙය ලබාදෙන බවද මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබදව පැහැදිලි කළ ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා, මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුම මේ සම්බන්ධව කටයුතු කරන බවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආර් ඩී එච් ඔෆිස් විසින් එවන ලද ඇණවුම් වලට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.
මෙහි ඇෆලොටොක්සීන් අඩංගු බවට පසුගියදා මතභේදයකට තුඩුදුන් බව කියාසිටි දීප්ති කුලරත්න මහතා, ඇෆලොටොක්සීන් යනු බඩඉරිගු වගාවේදී ඇතිවන දිලීරයක් බවද ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල් වල මෙම ඇෆලොටොක්සීන් සම්බන්ධයෙන් සාදාගත් ක්‍රමවේද ඇතැයිද එමනිසා මේ සම්බන්ධයෙන් සාදාගත් ප්‍රමිතියක් ඇතැයිද පැහැදිළි කළේය.