අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
රාජ්‍ය ආයතනයකට ශ්‍රව්‍යාබාධිත අයෙක් පැමිණි අවස්ථාවක දි ඒ පුද්ගලයාට සේවාව සැපයීමට පහසුකම් නොමැති හෙයින් එම පුද්ගලයා අසරණ වන බවත්, මෙම සංචිතය මගින් ඉදිරියේ දි තෝරා ගත් නිලධාරින් 28 දෙනෙක් මඟින් එම සේවා සැපයිමත්,එම නිලධාරින් විසින් රටපුරා තවත් නිලධාරින් පුහුණු කිරිම සිදු වේ.
විශේෂයෙන් උසාවි, පොලිසි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම අවශ්‍යතාවය දැඩිව ඇති වි තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ අනුව සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල සඳහා පුහුණු නිලධාරින් 05 දෙනෙක් බැගින් හා රටපුරා නිලධාරින් 1500ක් මෙම පුහුණුව ලබා දෙන බව කිය.
විශේෂයෙන් රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමේ දි ආබාධිත පුද්ගයින්ට අවස්ථාවක් නොලැබෙන බවත් අවම වශයෙන් ප්‍රතිශයක් ලෙසින්වත් රැකියා නොලැබේ.3%ක ප්‍රතිශයක් රැකියා ලබා දිය යුතු බවට චක්‍ර ලේඛනයක් නිකුත් වුවද මේ වන විට එය ක්‍රියාත්මක වන්නේ නැති බව පැවසු අමාත්‍යවරයා,එය නැවත බල ගැන්වීමට නීතිමය කටයුතු කරන බව ද කීය.
මේ අවස්ථාවට එක් වූ සමාජ සේවා දෙපාර්තමේන්තුමේ සමාජ සේවා අධ්‍යක්ෂ අනෝජා හේරත් මහත්මිය පැවසුවේ,වයස අවුරුදු 18 හා 35 වයස් වල සිටින ආබාධිත දරුවන් සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 09ක් පිහිටුවා ඇති අතර එමඟින් අවුරුද්දක් හා අවුරුදු 2ක වෘත්තිය පුහුණුවක් ලබා දීමට එමඟින් රැකියා අවස්ථා ද ලබා දීමට කටයුතු යොදා තිබෙන බවයි.
මෙම පුහුණු වන කාලයේ දී නේවාසික පහසුකම් සපයන අතර ආබාධිත දරුවන් ආබාධිතයින් ලෙසින් ම තබා නොසිට තමාට හැකි ලෙසින් වෘත්තිය පුහුණුවක් ලබාදී සාමාන්‍ය දරුවෙක් ලෙසින් රටට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරිය සියලු දොමපියන්ගෙන් ඉල්ලා සිටියාය.