අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දි ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, පොදු ප්‍රවාහන සේවාවන් නියාමනය කළ හැකි වුවද අනිකුත් ගමන් සඳහා භාවිත කරන ත්‍රිරෝද රථ,පාසල් වැන් රථ,කාර්යාල ප්‍රවාහන වෑන් රථ යන මේ සියලුම ප්‍රවාහන සේවාවන් නියාමනය සහා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරිමටත් ඒ අනුව පළාත් සභාවල බලය ලබා දිමට නීති සංශෝධනය කරන බව කීය.
විනයත්,කාර්යක්ෂම,අක්‍රමිකතාවයන්ගෙන් තොර වඩා හොඳ සේවාවක් ලැබිම සඳහා නීති සැකසීම මේ තුළින් බලාපොරොත්තු වන බව ද කීය.