අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, - ශෝක ප්‍රකාශ යෝජනාව -
දෙවන එළිසබෙත් මහ රැජිණ,- ලෝකයේ ඉමහත් ගෞරවාදයට පාත්‍ර දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව තුන්වන චාර්ල්ස් රජු ඇතුළු රජ පවුල සහ මහා බ්‍රිතාන්‍ය ජනතාව වෙත ශෝකය පළ කළ යුතු යැයි යෝජනා කර සිටියි.
-----------------------------------------------------------
දෙවන එළිසබෙත් මහරැජින අනුස්මරණය පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් මෙම ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
මහරැජනගේ වියෝව ශ්‍රී ලංකාවේ ජනතාව හා මහා බ්‍රිතාන්‍යයේ ජනතාව මෙන්ම ලොව පුරා බොහෝ දෙනකු ශෝකයට පත් කර ඇත.
අපගේ අවංක සංවේගය පළ කරන අතරම, සිය රාජකාරිය හා රට දැය සමය වෙනුවෙන් සේවය කරමින් ඇය ගත කළ උත්කෘෂ්ට ජීවිතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සිය අවංක කෘතඥතාව පළ කර සිටිති.
ආදරණීය මාතාවක්, මිත්තණියක් හා මී මිත්තනියක් වෙනුවෙන් ශෝක පවත්වන බ්‍රිතාන්‍ය රාජකීය පවුලට මෙය මහත් සංවේග ජනක අවස්ථාවක් බව අපට නොරහසකි.
රැජිණ අවස්ථා තුනකදී අප දිවයිනට පැමිණි අතර පළමු අවස්ථාවේ කුමරියක ලෙසින් පිලිප් කුමරා සමඟ මධුසමය ගතකරන අවස්ථාවේ දීත් ඉන් පසුව එතුමියගේ දශක හතක රාජ්‍ය කාලය තුළ රැජිණක වශයෙන් දෙවරකුත් එතුමිය මෙරටට පැමිණියා ය. අප ජනතාව යම් කිසි ඛේදජනක සහ ව්‍යසන තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල එතුමිය අනුකම්පාවෙන් සහ කරුණාවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් ස්පර්ශ කළා ය.
දෙවන එළිසබත් මහරැජිණ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ද වන අතර අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමඟ එතුමියගේ වියෝව සම්බන්ධයෙන් කණගාටුව සහ ශෝකය පළ කිරීමට එක්වෙයි.
මහරැජිණගේ අවසන් ගමන යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පෞද්ගලිකව සහභාගි වී එතුමියට අවසන් ගෞරව දැක්වූ අතර සැප්තැම්බර් 19 දින ශ්‍රී ලංකාව එතුමිය සිහි කිරීම සඳහා නිල ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම අවස්ථාවේ දී සියලු ම ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් මම රජතුමාටත්, රාජකීය පවුලටත්, බ්‍රිතාන්‍ය වැසියන් සියලු දෙනාටත් මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි.
රජතුමාට පෙර එතුමාගේ මෑණියන් තුළ තිබූ සෙයින් ම රජතුමා තුළ ද ශ්‍රී ලංකාව සමග දැඩි සහ දිගුකල් පවත්නා සම්බන්ධතාවයක්, මෙම සුන්දර රට කෙරෙහි ආදරයක් මෙන් ම, අවිවාදයෙන් ම අපගේ ජනතාව කෙරෙහි දැඩි දයාවක් ද තිබේ.
ගෞරවනීය රැජිණිය සාමදානයේ සැතපේවා!
දෙවන එළිසබෙත් මහ රැජිණට උතුම් නිවන් සුව අත් වේවා!