රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(23දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ජනමාධ්‍යවේදියකු විසින් අමාත්‍යවරයාගේ විදෙස් සංචාරයක්ස ම්බන්ධයෙන් ඔහුගෙන් විමසු විට අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම සංචාරය අතිශය පෞද්ගලික සංචාරයක් බැවින් කිසිඳු රාජ්‍ය මුදලක් ඒ සඳහා යොදා නොගත් බවත්, රජය වෙනුවෙන් යෙදෙන සංචාරවලදී පවා තමන් වියදම් කරන මුදල් සම්බන්ධයෙන් ඉතාමත් විනිවිද බවත් තමා විසින් පවත්වාගන්නා බවත්, අමාත්‍යවරයකු වශයෙන් තමන් කිසිදු අවස්ථාවක සිය වරප්‍රසාද පෞද්ගලික කටයුතු සඳහා යොදානොගන්නා බවත්ය.
තමා චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස දිගුකලක් තිස්සේ කටයුතු කරන බවත්, සුද්දිලාගේ කතාව සිරිමැදුර වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට සම්මාන රැසක් ලබාගත් නිර්මාණ රාශියක් දායාද කළ බවත්, මතක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නව සිනමාපටයටද ජාත්‍යන්තර සිනමා උළෙල රාශියකදී සම්මාන හිමිවූ බවයි.
බැංගලෝර් සිනමා උළෙලකදී දෙවැනි ස්ථානය වෙනුවෙන් මෙම සිනමා පටයට ඩොලර් 3000ක මුදල් ත්‍යාගයක් හිමිවූ බවත්, එයින් ඩොලර් 1500ක් වන ප්‍රමාණය අධ්‍යක්ෂකවරුන් දෙදෙනා අතර බෙදා දුන් බවත්, මෙම අධ්‍යක්ෂකවරුන් දෙදෙනා නොපැමිණියේ ඔවුන්ට යොදාගත් රාජකාරි බැහැර කළ නොහැකි නිසා බවත්, මෙම සිනමා පටයට හොඳම නළුවන් සඳහා වන සම්මාන හිමිවන බව අවසානය වනතෙක් දැන නොසිටි බවත්, අමාත්‍යවරයා පැවසීය.
තමාගේ සිනමාපටය හා තමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්වය පිළිබඳව කතානායකවරයා දැනුම්වත් කිරීමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. එම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද කඩකිරීම හා අයුතු භාවිතයන් දැඩි ලෙස දකින්නට ඇති බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ විනය පිරිහී ඇති බවත්, පුද්ගලික කාරණා සියල්ල දේශපාලනයට පටලවා ගැනීම දැඩිලෙස සිදුවන බවත් පැවසීය. එසේ පුද්ගලික කාරණා දේශපාලනයට පටලවා ගැනීම සාධාරණ නොවන බවත්, විවිධ අයට විවිධ භූමිකා තිබෙන බවත්, මෙසේ හැසිරීමෙන් ඒවාට හානි විය හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.