අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
''ශ්‍රී ලංකා මාතාවගේ ප්‍රතිරූපයට හානි වී තිබෙන බව පසුගිය දා රුසියානු සංචාරය කරාන අතර තුර පසක් වුණා.නොදියුණු හර පද්ධතියක් සහිත රටක් ලෙස ලෝකයට සන්නිවේදනය වී තිබෙනවා.අපි කැමැති වුවත්, අකමැති වුවත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ සිදුවීම් නිවැරදි කිරීමේ ශක්තිය තිබෙන්නේ,අපේ රටේ සමාජ මාධ්‍ය සහ ජාතික තලයේ මාධ්‍යයට කියා විශ්වාස කරනවා.''
''හොඳ මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමට පිටුබලයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරියක් ඇති කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් විසින් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර,වඩා හොඳ,දියුණු ජාත්‍යන්තර සම්මතයට අනුකූල මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ව්‍යවස්ථාවට අනුකුල ආයතනයක් නිර්මාණය කරන්නට අනුමැතිය ලැබුණා.''
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ,
අපේ රටේ ජනමාධ්‍යයත් ලෝකයේ දියුණු රටවල මෙන් එම රටේත් ජනතාගේ සුබ සිද්ධිය සඳහා ඉතා විශාල ජාතික මෙහෙවරක නිරත වෙන බවත්, රටක යහපැවැත්ම සඳහා ව්‍යාවස්ථාදායකද, විධායකය,අධිකරණය යන කුළුණු තුනට අමතරව අධ්‍යතන ලෝකයේ ජනසන්නිවේදන මාධ්‍යයත් එවැනි තෙවෙනි ඇසක කාර්යභාර්ය ඉටු කිරිමේ හැකියාව ඇති බවත් සඳහන් කළේය.
එසේම මාධ්‍ය වේදින් සඳහා වරලත් වෘත්තිකයින්ගේ ආයතනය පිහිටවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එය ශ්‍රි ලංකා පදනම් අයතනය මඟින් සිදු කිරීමට නියමිත බව පැවසු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ඊට ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා ,NVQ හා උපාධි මට්ටම දක්වා මෙම පාඨමාලා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.එය මේ වසර තුළද අවසන් කිරීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කිය.
එමෙන්ම ජනමාධ්‍යවේ දී හැදුනුම්පත් ලබා දීම කාර්යක්ෂම කිරීමට ද බලාපොරොත්තු වන බවද කීය.