ඒ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් කෘෂිකර්මික කටයුතු සඳහා වනසත්ත්වයින්ගෙන් සිදු වන හානි පිළිබඳ පෙන්වා දුන් අතර එහිදි අමාත්‍යවරයා මේ බව පැවසීය. විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්ව වල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාවයද හෙතෙම පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගයද තමන් බලාපෙරොත්තු වන බව පැවසීය.
එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාකටයුතු වල යෙදෙන එළවළු ගොවීන්ට පොහොර සහ ඉන්ධන ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තවද සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේදී සලකා බැලීම සිදු විය. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පැවසූ අතර ඒ අනුව තවත් දිනයක කාරක සභාව රැස් වී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය විය.
මෙම කාරක සභාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, කණක හේරත්, කාදර් මස්තාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, ශිවඥානම් ශ්‍රීතරන්, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි, මොහොමඩ් මුසම්මිල්, ගුණතිලක රාජපක්ෂ, ගරු ටී. කලෛයිඅරසන්, වී. රාධාක්‍රිෂ්ණන් සහ ජී. කරුණාකරම් යන මහත්වරු සහභාගී වූහ.