සමන්පුර මීඔය ප්‍රජා ශාලාවේ දී මෙම ඔප්පු ප්‍රදානය සිදුවිය. මෙම කුඹුරු ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සිංහල වීර විධාන සංවිධානය සහ ආණ්ඩුකාරවරිය දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළහ.
යුධමය වාතාවරණය පැවති සමයේ සිටම මෙම ගම්මාන වල ජීවත් වන වැසියන් එම ගම්මාන අත් නොහැර කටයුතු කිරීම අගය කරන බව මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කීවාය.
නිත්‍යානුකූල කුඹුරු ඉඩම් බලපත්‍ර හිමි වන මෙම වැසියන් හැකිතාක් දුරට වස විසෙන් තොර කෘෂිකර්මාන්තයකට නැඹුරු විය යුතු බව ද ඇය සඳහන් කළාය.
මීට සමගාමීව පදවි ශ්‍රීපුර ගම්මානයේ ජීවත් වන වකුගඩු රෝගීන් සඳහා ආණ්ඩුකාරවරිය ගේ මැදිහත් වීමෙන් විවිධ සංවිධානයෙන් වලින් ලැබුණු වතුර පෙරන සහ උනුවතුර කේතල් ප්‍රදානයක් ද සිදුවිය.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක,පදවි ශ්‍රීපුර සහකාර ප්‍රාදේශීය ලේකම්, සිංහල වීර විධාන සංවිධානයේ ජාතික කාරක සභික සුරේන් අබේගුණසේකර සහ අජන්ත පෙරේරා යන මහත්වරුද ,පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.