රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බවද ඔහු සදහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට (22) දින සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මේක සියලුම දෙනාට අභියෝගාත්මක කාලයක්. රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්වෙලා. ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්න කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ වෙලාවෙ ඉවසීමෙන් වැඩ නොකලොත් ප්‍රශ්න තවත් වැඩි වෙනවා. අපි සියලුම දෙනාට තියෙන්නේ එකම බලාපොරොත්තුවයි. ඒ එක්ව නැගිටීමයි. අපි සමගියෙන් වැඩ කළොත් මේ අර්බුද ජය ගැනීම එතරම් අමාරු නැහැ.
හැම ආයතනයකම පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. අපේ ප්‍රශ්න අපි පිටට කියන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. ඇතුළත ගිණි පිටට නොදී අපිම නිවා ගන්න උත්සහ ගනිමු. වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අපි ඇහුම්කන් දෙනවා. ඒ ඉල්ලීම් ඉටු කරන්නත් අපි කටයුතු කරනවා.
රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන්න බැහැ. අපේ ආදායම අපිම උපද්දවා ගන්න ඕන. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සුවිශේෂී වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ ආයතනය මැදිහත් වෙලා රටට එක ඩොලරයක් හරි ගේන්න වැඩපිළිවෙළක් සකසන්න පුළුවන්නම් ඒක තමයි අපේ සාර්ථකත්වය. ලංකාව ඉදිකිරීම් කේෂ්ත්‍රයෙන් ඉදිරියෙන්ම සිටි රටක්. අපි වරායන් හැදුවා. ගුවන්තොටුපළක් හැදුවා. නමුත් අපිට ඒක මාර්කට් කරන්න බැරිවුණා. අපිට වැරදුණේ එතනයි. දැන් නෙළුම් කුළුණට බනිනවා. අපි හරියට නෙළුම් කුළුණ මාර්කට් කර ගත්තොත් එය ආර්ථිකමය වශයෙන් රටට ගොඩක් වාසි වේවි.
මේ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අපිට බලය දුන්නේ වැඩ කරන්න. ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යන්නනම් අපි එක පවුලක් වගේ වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් අපිත් ඉවරයි. ආයතනයත් ඉවරයි. රට ගොඩගත හැක්කේ එක්ව වැඩ කිරීමෙන් පමණයි” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ යූ.එස්. අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.