පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    දේශීය වෙදකම ජාත්‍යන්තරයට- ආයුර්වේද නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියන 03 ක ආදායමක්

    සැප්තැම්බර් 26, 2022

    රට උග්‍ර විදේශ විනිමය අර්බුධයට මුහුණ පා තිබෙන මෙම අවස්ථාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය අපනයනය කරා යොමු කිරීමෙන් රුපියල් බිලියන 03 ක විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා සංචාරක,සෞඛ්‍ය ,නීති,රේගු පරිසර ඇතුළු ආයුර්වේද නිෂ්පාදන වගාකිරීම හා අපනයනයට සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් සමග (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී මෙම කරුණු අනාවරණය කළේය.

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, පළාත් ආයුර්වේද කොමසාරිස්වරු ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් නෛතික සීමා පවතී. ආයුර්වේද පනත ,පාරිසරික පනත ,රේගු ආඥා පනත ආදී අන පනත් මගින් පවතින බාධා වහා ඉවත් කර ගත යුතු බවත් අවම ලෙස වසරක් කාලයක මේ නීති ලිහිල් කර හෝ විදේශ විනිමය ලබා ගන්නට ඉඩ දෙන්නැයි ඔහු අදාල අංශ වලින් ඉල්ලීමක් කළේය. පරිසරයට හානියක් නොවන ලෙස මේ කටයුතු සිදු වෙන බව නියාමනය කල හැකිය.

    රූපලාවන්‍ය ක්ෂේත්‍රය අද යොදා ගන්නා කෘතිම රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාඛ සාර මත පදනම් වූ රූපලාවන්‍ය නිෂ්පාදනය කිරීම තුළින් දැනට රැකියා විරහිත පාරම්පරික වෛද්‍යවරු 20000 කට පමණ රැකියා අවස්ථා උදාවේ.

    තවද සංචාරක ව්‍යාපාරය තුළ දේශීය වෙදකම ප්‍රචලිත කරමින් දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් 15 ක පමණ ප්‍රමාණය අතරෙන් ලක්ෂ 05 ක් ඩොලර් 10 ක් අයකරමින් තෙල් බෙහෙත් සාත්තුව වැනි දේශිය හෙළ වෙදකමට යොමු කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    දැනට ප්‍රයෝජනයට ගෙන නොමැති ඔසු උයන්, ආයුර්වේද රෝහල් පද්ධතියේ ඇතැම් කොටස් බටහිර සෞඛ්‍ය සේවය හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ නෛතික වැඩසටහන් සකස් කරමින් සිටී. අධික වියදම් සහිත බටහිර වෛද්‍ය සේවයේ පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධනය කිරීමෙන් අත් බෙහෙත් භාවිතයෙන් කපන්නෙ, කොටන්නෙ නැතිව රෝගීන සුවපත් කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , අයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්වරු පලාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya