පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

    සැප්තැම්බර් 26, 2022

    දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය (22) හිමිවිය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.

     

    මේ අනුව, අන්තරායකර සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත මගින් රුපියල් දහසේ දඩ මුදල රු. දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එසේම ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් “ළමයෙකු” ලෙස සඳහන් කළ යුතු පුද්ගලයාගේ වයස අවුරුදු දහසයේ සිට අවුරුදු දහඅට දක්වා සංශෝධනය කිරීමටද කාරක සභාවේ එකගත්වය හිමිවිය.

    තවද, නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පනත් කෙටුම්පත, පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය ද හිමි විය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, එම්.එස්. තවුෆීක්, චාල්ස් නිර්මලනාදන්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුදත් මංජුල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, යන මහත්ම මහත්මීහූ ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya