පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පැමිණි පසු අධි ආරක්ෂක කලාප සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 26, 2022

    ජනාධිපතිවරයා මෙරටට නැවත පැමිණි පසු මේ වන විට ගැසට් කර ඇති අධි ආරක්ෂක කලාප සම්බන්ධයෙන් සමාලෝචනය කර එය පවත්වාගෙන යන්නේද නැතහොත් එයින් යම් යම් කොටස් ඉවත් කරන්නේද යන්න තීරණය කරන බවත්, එතෙක් මෙම ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස සළකන බවත්, එසේ වුවද පෙර පරිදිම මහ ජනතාවට ඒවායේ කටයුතු කරන්න හැකියාව ඇති බවත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (26 දා ) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එසේ වුවද අනීතික ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කිසිවකුට ඉඩක් නොමැති බවත්, සාමාන්‍ය ජනතාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නොමැති බවත්, එදිනෙදා මෙන් සිය කටයුතු කරනගෙන යන ලෙස ජනතාවට පවසන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙම තත්වය බුද්ධිමත්ව වටහාගෙන කටයුතු කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අසීරුවෙන් ඉදිරියට තබන පියවර ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සිය වගකීම ඉටු කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, මේ මොහොතේ බෙදී වෙන්වී කටයුතු කරනු වෙනුවට එකතු වී කටයුතු කරන ලෙස ජනතාවට පවසන බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya