පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජාතික භෞතික සැලැස්ම කැබිනට් මණ්ඩලයට

    සැප්තැම්බර් 26, 2022

    රටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් සකස්කෙරෙන ජාතික භෞතික සැලැස්ම නුදුරෙදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මහජන අවශ්‍යතාවයන් මුල්කරගනිමින් මෙම ජාතික භෞතික සකස්කෙරේ. ඒ සදහා විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    සංවර්ධන වැඩ සටහන්වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාදවන අතරම මහජන පීඩාවන් ද ඇතිවේ.

    නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායි වන අතර ජනතා අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    ඒ අනුව රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන නාගරික සංවර්ධන, මහාමාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රවාහනකේෂ්ත්‍රය ආදී සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් ජාතික භෞතික සැලැස්මේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුද බොහෝදුරට අඩුකරගත හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    එමෙන්ම සංවර්ධනය හා නාගරීකරණය වීම නිසි පරිදි සැලසුම් සහගතව සිදුකිරීමට ජාතික භෞතික සැලැස්මෙන් මනා පිටිවහලක් ලැබේ.
    එබැවින් රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමටත් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහාත් මෙම ජාතික භෞතික සැලැස්ම ඉතා වැදගත් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya