වාරිමාර්ග,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්මෙම වැඩපිළිවෙල ක්‍රයාවට නැංවෙයි.
මෙම වැඩපිළිවෙල පිළිබඳව අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
රුපියල් මිලියන ගණනින් ජනතා මුදල් ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සව හා එහි සැරසිලි ඇතුලු අනෙකුත් නාස්තිකාර වියදම් සඳහා වැය නොකර, රට සහ ජනතාව පත්ව සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඔප්පු හිමිකම ලබාගැනීම සඳහා උත්සව භූමිවල දිනය පුරා තම කාලය හා ශ්‍රමය වැය කරන යුගය අවසන් කරමින් මාගේ සංකල්පීය අදහසක් අනුව යමින් ඇරඹි මෙම වැඩසටහන මඟින්, මහවැලි බිම් කොටසේ උරුමය මහවැලි අධිකාරියේ නිලධාරීන් ඔබේ නිවසටම ගෙන ඒමට අද පියවර ගන්නවා ඇත.
ඒ අනුව 350,000ක් වූ සමස්ථ මහවැලි ජනපදිකයින් ගෙන් ලක්ෂ 2කට මේවන විට නිල අයිතිය ලැබී ඇති අතර , ඉතිරි 150,000 ක් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ වගකීම වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් මා භාර ගනිමින් හිමිකම් ඔප්පු 15000ක් අද දින තම නිවසටම පැමිණ ලබාදීමට පියවර ගන්නා අතර, ඉතිරි 135,000ක ප්‍රමාණය ලබාදීම සඳහා කඩිනමින් පියවර ගැනීමට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ නිලධාරීන් කටයුතු සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අද දිනයේ දී නිවසටම ගොස් ඔප්පු ලබාදීම සංකේතවත් කිරීම සඳහා වික්ටෝරියා කලාපයේ දී මාගේ දායකත්වය ලබාදුන් අතර, එහිදී ගුරුදෙණිය පාරම්පරික හෙළ වෛද්‍යාචාර්‍ය ශ්‍රී ලාල් ගුරුදෙණිය මහතා හට වසර 40කට පසුව තම හිමිකම් ඔප්පුව නිවසටම පැමිණ ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ සතුට මා දුටුවා සේම, බලගොල්ල ආරුමුගම් මහතාගේ ඉඩමේ හිමිකම තම නිවසටම පැමිණ ලබාදීමේ සතුට, දෝරේ ගලන සිනහව අතරින් කඳුලු පිරි දෙනෙත්වල දකින්නට ලැබීම සංවේදී කරන ලද අවස්ථාවක්.
මේ රටේ තරුණ තරුණියන් නොයෙක් ආකාරයේ අරගල කරමින් ඉල්ලා සිටි ආකල්පමය වෙනස හා ඔවුන් බලාපොරොත්තු වූ ක්‍රමයේ වෙනසට යම් සාධනීය ආරම්භයක් ගැනීමට මෙම වැඩසටහනෙන් හැකිවූවා යැයි විශ්වාස කරනවා''යැයි අමාත්‍යවරයා කීය