රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (26 දා ) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය කාලයේදී නීති විරෝධී අයුරින් උද්ඝෝෂණ හා විරෝධතා යෙදීමට ඇතැම් පිරිස් කටයුතු කළ බවත්, ආරක්ෂක අංශ මැදිහත්වීම යටතේ අද වන විට මේ තත්වය සමනය කර ඇති බවත්, මේ වන විට එවැනි හැසිරීම් පෙන්වූ අය සම්බන්ධයෙන් වන නීතියට අනුව කටයුතු කිරීම ඇරඹී ඇති බවත්, කමල් ගුණරත්න මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් විවේචන එල්ලවුවද ආරක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යංශයේ වගකීම හා යුතුකම වන්නේ මහජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවක් ඇතිකරදීම බවත්, උද්ඝෝෂණ හා විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදීව කිරීමට අවසර ලබාදී ඇති හෙයින් අවශ්‍ය ඕනෑම කෙනෙක්ට විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව කිරීමට හැකියාව ඇති නමුත් කිසිවකින් හෝ මහජනතාව අපහසුතාවට පත්වන්නේ නම් පොලිසියටත් ආරක්ෂක අංශවලටත් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
ගාලු මුවදොර උද්ඝෝෂණ කිරීමට නිර්මාණය කර ඇති ස්ථානය තුළ වත්මන් අධි ආරක්ෂක කලාප තත්වය යටතේ උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී මාධ්‍යවේදියකු ප්‍රශ්ණ කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ විරෝධතා කිරීමට නව අධි ආරක්ෂක කලාප නීතිය ප්‍රකාරව කිසිදු හැකියාවක් නොමැති බවත්, එම ස්ථානයේ උද්ඝෝෂණ හෝ විරෝධතා කරන්නේ නීතියට අනුව කටයුතු කිරීමට සිදුවන බවත් පැවසීය.
එසේවුවද සාමාන්‍ය ජනතාවට එම ස්ථානයට පැමිණ තම දෛනික කටයුතු කිරීමට හෝ නිදහසේ හැසිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබලයට පත් වීමට අවශ්‍ය නොවන බවත්, එම ස්ථානයේ නීති විරෝධී වන්නේ හුදෙක්ම උද්ඝෝෂණ පැවැත්වීම හා විරෝධතා පැවැත්වීම පමණක් බවත් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.