ලෝක සංචාරක දින සැමරුමේ ප්‍රධාන ආරිධිතයා ලෙසින් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා,රටේ රැකියා අවස්ථාවන් වැඩි කළ හැකි ක්ෂේත්‍රය වන සංචාරක කර්මාන්තය ඝාජු හා වක්‍ර රැකියා රාශියක් මේ මඟින් නිර්මාණය කළහැකි බව කිය.එසේම, ආදායම් විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බව ද එසේ වුවද,එහෙත් අවාසනාවට අප රටේ පසුගිය කාලයේ සිදු වු සිදු වීම් හමුවේ කොපමණ පහසුකම් තිබුනද සංචාරකයින් අප රටට පැමිණෙන්නට නම් රටේ බියෙන් හා සැකෙන් තොරව රටේ ගමන් කිරිමේ හැකියාවෙ තිබිය යුතු බවත්, මනුස්සමින් පිරිනු සමාජයක් තිබු විට සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකිබව කිය.
කුමන අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද,කුමන ප්‍රචාරක වැඩසටහන් කළ ද පසුගිය කාලයේ දි හරි හෝ වේවා වැරදි හෝ වේවා, අපේ රටේ සිදු වු සිදුවීම් මනුස්සකමට,සදාචාරය දරුණු නායයාමකට පත් වු රටක් ලෙස මෙරට ජාත්‍යන්තරයට ගිය ඇමතිවරයා සඳහන් කළේය.
එම තත්ත්වය නිවැරදි කර ගැනීම තාරුණ්‍යයට තිබෙන අයිතියකි. නිදහසින් පසුව ලංකා ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය අර්බුදය මේ වන විට පවතින අතර අප රටට අවශ්‍ය ඛනිජ තෙල් හා ගැස් රසායනික දුව්‍ය , කර්මාන්ත සඳහා අවශය ද්‍රව්‍ය අපට අපයනය කරන්නට අවශ්‍ය බවත්,අප රට භාණ්ඩ විශාල ප්‍රමාණයක් අනයන කරන රටක් වන අතර ආනයන කිරිම වෙනුවෙන් ඉතුරුම් සංචිතයක් අවශ්‍ය බවත් ඒ සඳහා විදේශ විනිමය ලැබෙන කෙටි කාලින ක්‍රමයක් ලෙස සංචාරක කර්මාන්තය පාට පක්ෂ භේදයකින් තොරව මනුස්සකම ප්‍රදර්ශනය කරමින් බියෙන් හා සැකෙන් තොරව රටක් නිර්මාණය කර ගැනිම සඳහා එකතු වී වැඩ කර යුතු බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ අවස්ථාවට එක් වු යුනිසෙෆ් ආයතනයේ ලංකාව හා මාලදිවයිනේ නියෝජිත Christion Skoog මහතා පැවසුවේ, ලංකාව කියන්නේ පාරාදිසයක් බදු රටක් වන අතර ආකර්ෂණිය ස්ථාන ඇති රටක් හඳුන්වා දිය හැකි වත්,එසේ වුවද ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර, කොවිඩ් වංසගතය හමු වේ බිඳ වැටුනු සංචාරක කර්මාකතය නැවත තිරසර සංවර්ධන තුළින් ගොඩ නඟා හැකි බව කිය.
මෙවර ලෝක සංචාරක දිනයේ ප්‍රධාන උත්සවය හබරන ප්‍ර දේශයේ ආශ්‍රිතව පැවැත් විණි. එසේ ලෝක සංචාරක දින උත්සවය තායිලන්තයේ බාලි දුපත් ආශ්‍රිතව පැවැති විණි.
මේවර තේමාව වන්නේ Rethinking Tourism ලෙසයි. කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය නැවත ගොඩ නඟන්නේ කෙසේ ද යන්න අලුතින් සිතිය යුතුයි.