දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ළමුන් සහ යෞවනයින් පිළිබදව ආඥා පනත, ළමුන් නේවාසිකගත කිරීම වෙනුවට ඔවුන් පවුල් තුලම තබා ගනිමින් පුනරුත්ථාපනය කිරීම, ළමුන් පිළිබදව යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සම්බන්ධ වන ආයතන සියල්ල නියෝජනය වන පරිදි අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් කමිටු පත් කිරීම හා පාසැල් යන වයසේ දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා රජය ජනතාව සහ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් දියත් කරනු ලබන අනෙකුත් සංවර්ධන කටයුතු සදහා සිය උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේහි ප්‍රධාන ළමා ආරක්ෂක Chistian Skoog මහතා සඳහන් කළේය.
දරුවන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා මේ වන විටත් රජය විශේෂිත වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක කරන බවත්, පාසල් යන වයසේ දරුවන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත්, මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ පද්ධතියේ යල් පැන ගිය නීති වෙනුවට නව නීති ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත් කිහිපයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේහි ප්‍රධාන ළමා ආරක්ෂක Miranda Armstrong මහත්මිය, එම අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත Chistian Skoog මහතා හා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් මහත්මිය එක්විය.