පසුගියදා පාර්ලිමේන්තුවේ දී යෝජනාවකින් සම්මත කරන ලද ‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකතුමා පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කළේය.