මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි පියතිස්ස රණසිංහ මහතා සහභාගී විය. මේ අවස්ථාවේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම සඳහා වන කාර්ය පටිපාටිය ජනගත කිරීම සිදු විය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී.ජයසුන්දර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිලිත් කරුණාරත්න මහතා, අනෙකුත් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල තොරතුරු නිලධාරීන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.