මෙහිදී අදහස් දක්වමින් වෙෙළඳ අමාත්‍යවරයා නිෂ්පාදකයා,පාරිභෝගිකයා යන සෑම පාර්ශවයක්ම ආරක්ෂා වන පරිදි බිත්තරයක මිල පවත්වා ගත යුතු බවත්,පසුගිය සමයේ අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ ගිය බවත්, බිත්තර ඇතුළු ඕනෑම භාණ්ඩයක් සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිය අමාත්‍යාංශයේ කාර්යභාරය බවත්, බිත්තර සහ සහල් යන භාණ්ඩ සඳහා නිෂ්පාදන පිරිවැය සැළකිල්ලට ගනිමින් පිරිවැය ගණනයක් සිදු කර, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පාලන මිලක් නිකුත් කළේ ඒ අනුව බවත් සඳහන් කරන ලදී.
බිත්තර නිෂ්පාදකයන් විසින් දැනට පවතින සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟතාවයත්,සත්වයන් සඳහා අවශ්‍ය එන්නත් ඇතුළු ඖෂධ වල මිළ ගණන් ඉහළ යාම පිළිබදවත් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. මෙතෙක් ගැටළුවක්ව පැවැති සත්ව ආහාර සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු සහල් භාවිතය වැළැක්වීමටත්, සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු හිඟතාවය මඟ හැරීම සඳහාත් බඩඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නේ එම ගැටළු මඟ හරවා ගැනීමට බවයි අමාත්‍යවරයා සදහන් කළේ ය.
මෙහිදී අදහස් දක්වමින් පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සදහන් කළේ, බිත්තර නිෂ්පාදකයන් රැකගැනීමට, බිත්තර නිෂ්පාදනය සඳහා අවශය මව් සතුන් ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.එම වැඩපිළිවෙල ඇතුළු බිත්තර කර්මාන්තය රැක ගැනීමට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරනු ලබන සෑම ක්‍රියාමාර්ගයක් සඳහාම අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
මේ සාකච්ඡාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිළධාරීන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නිළධාරීන්, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්,ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතායතනයේ සභාපති, කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ,සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනයන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.