“ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වැඩසටහන” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ධිවර ප්‍රජාව මාසික වේතනයක් ලබන පිරිසක් නොවන නිසාත් ඔවුන්ගේ ඉපැයීම් ස්ථීර නොවන නිසාත් ඔවුන් උපයන මුදල් ඉතිරිකිරීමක් නොකරන නිසාත් ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී කිසිදු ඉතිරියක් බවත් යම් හෙයකින් ඔවුන්ගේ හිදිසි වියෝවකින් ධීවර පවුල්වල පිරිස් අසරණ වන බවත්ය.
එහෙයින් ඔවුන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුපක් ඇති කිරීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. එමෙන්ම ධීවර රැකියාව අනතුරුදායක රැකියාවක් බැවින් ඔවුන් වෙනුවෙන් නව රක්ෂණාවරනයක් ඇති කිරීමටද සිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, එළැබෙන නොවැම්බර් මාසයේදී ඇති ධීවර දිනය වෙනුවෙන් ශ්‍රීි ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර යෝජිත රක්ෂණාවරනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, සුසන්ත කහවත්ත මහතා පැවසීය.
ඒ අනුව යම් ධීවරයකුට හානියක් වුවහොත් ඔහුට හිමි රක්ෂණ වන්දිය අදාළ ධිවරයාගේ බිරිඳට සහ දරුවන්ට ලබාදීමට කටයුතු කෙරෙන බවත්, අදාළ පවුලේ දරුවන් අධ්‍යාපනය අවසන් කරන තෙක් ලංකා බැංකුව මගින් යම්කිසි දීමනාවක් ලබාදීමට කටයුතු කෙරෙන බවත් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
මේ සඳහා ලංකා බැංකුවද දායකත්වය සපයන බවත්, ඒ අනුව මෙරට ධිවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන් සියලු දෙනා යෝජිත රක්ෂණයෙන් ආවරනය කිරීමය බලාපොරොත්තු වන බවත්, සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව සියලුම ධීවර දරුවන් වෙනුවෙන් ලංකා බැංකුව ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.