“ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වැඩසටහන” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන දත්ත පදනම් කරගෙන ධීවරයින් සඳහා මත්ස්‍ය බිම් පිළිබඳ පුරෝකථන දත්ත ලබාදීමට කටයුතු කරන බවත්, එතුළින් බහුදින යාත්‍රා මුහුදේ ගතකරන කාලය අඩුකිරීමට
මෙන්ම ධිවරයාට යන වියදම අඩුකිරීමට කටයුතු කරන බවත්, සුසන්ත කහවත්ත මහතා පැවසීය.
මීට අමතරව මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීමේදී ආනයන සීමා පැනවීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් පනවා ඇති බදු වැඩිකිරීමට කටයුතු කරන බවත්, එමගින් දේශීය ධිවරයා නගාසිටුවීමට කටයුතු කරන බවත්, සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.