ධීවර පවුල්වල දරුවන්ගේ කුසළතා සංවර්ධන වැඩසටහන් ලෙස ''රළ පෙළ දිනන දරුවෝ '' වැඩසටහන ඔක්තෝබර් මස 01 දින පෙ.ව 8.00ට බේරුවල මොරගල්ල වෙරළ තීරණයේ දී පැවැත්වීමට නියමිතය.
“ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වැඩසටහන” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ මෙම වැඩසටහන ලෝක ළමා දිනයට පමණක් සීමා වන වැඩසටහනක් නොවන බවත්, එය සමස්ත වර්ෂය පුරාම පැවතිය යුත්තක් බවත්ය. මෙම වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී සමස්ත දිවයින පුරා පැවැත්වීමට නියමිත බවත්, දෙවන වැඩසටහන උතුරු පළාතේත් අනතුරුව අනෙකුත් පළාත්වලත් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව සෙමින් මනස වැඩෙන දරුවන් 300කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් එම පිරිසගේ දක්ෂතා කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරන බවත්, එම දරුවන් සම්බන්ධයෙන් සුභවාදී මානසිකත්වයෙන් දකින්නට ප්‍රජාව හුරුකිරීමට මෙම වැඩසටහන් යොදාගන්නා බවත්, අමාත්‍යවරයා පැවසීය.