රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (29) පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සතිඅන්ත සංචාරවල යෙදුනු පිරිසට තිබූ බාධාව ඉවත් කරමින් සතිඅන්ත සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත්, එහි පළමු දුම්රිය ලෙස ඇල්ල ඕඩීසි සංචාරක දුම්රිය ඉකුත් සතිඅන්තයේ ආරම්භ කළ බවත්, ඉදිරියේදී මෙම දුම්රිය සතියකට දෙවරක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත්,පැවසීය.
ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, එ සම්බන්ධයෙන්ද දැනුම් දීමට නියමිත බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.