වර්තමානය වන විට අපනයනය කරනු ලබන භාණ්ඩ ප්‍රමාණය ඉහල නැංවීම සිදුකිරීම අපහසු වන නිසා එම භාණ්ඩ සදහා අගය එකතු කිරීම තුලින් එම අපනයන භාණ්ඩවලට වැඩි වටිනාකමක් ලබා ගත හැක.ජාත්‍යන්තර වෙළදපොල තුල ශ්‍රී ලාංකික නිෂ්පාදන සදහා වටිනා සන්නාමයක් ඇති කළ යුතු වේ . මේ සදහා අපනයනකරුවන්ට අවශ්‍ය දැනුම හා තාක්ෂණ සහය අප අමාත්‍යාංශය ලබා දිය යුතුය.
සාම්ප්‍රදායික අපනයන වෙළදපොලින් බැහැරවී ඉහල වටිනාකමක් ලබා දෙන නව අපනයන වෙළදපොල සොයා ගත යුතුය. එම වෙළදපොල ඉල්ලුමට සරිලන ලෙස අපගේ නිෂ්පාදනයන් සවිබල ගැන්විය යුතු බව ද හෙතෙම පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සැපයුම්කරුවන් හා අපනයනකරුවන් එක් වන ඒකක (Export House) ඇති කළ යුතු බවත්, අපනයන වෙළදපොල වෙත පිවිසීමට ග්‍රාමීය නිෂ්පාදකයාට අවස්ථාව සැලැසිය යුතු බවද අපනයන ප්‍රතිලාභ සියළු පාර්ශවයනට අත්විය යුතු බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා පවතින අර්බුදකාරී තත්වයෙන් මිදිමට අපනයන ආදායම ඉහල නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ද පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මැල් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යූ.කේ.බණ්ඩාර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්.වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහල නිළධාරීහු රැසක් සහභාගි වූහ.