රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (29) පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ගැටලුව වැඩි වශයෙන් ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බවත්, දුම්රිය රේල් පීලි මළ කෑම එම මාර්ගයේ ඉතා වේගවත් බැවින් මෙම තත්වය ඇතිවන බවත් අමාත්‍යවරයා පැවසීය.
එම හේතුව නිසා දුම්රිය රේල් පීලි කෙටි කලෙකින් එම රේල් පීලි මාරු කිරීමට අවශ්‍ය වුවද ඒ සියල්ල ආනයනය කරන බැවිනුත් ආනයනය කරන භාණ්ඩ ගෙන ඒම සීමා කිරීම හා මිල අධික වීම හේතුවෙනුත් කලින් ආනයන කිරීමට යොදාගෙන තිබූ ටෙන්ඩර් අවලංගු කළ බවත්, රේල් පීලි මාරු කිරීම මේ හේතුවෙන් ප්‍රමාද වී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
එහෙත් හැකි ඉක්මනින් නැවත ටෙන්ඩර් කැඳවා මෙම රේල්පීලි ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙරටට වඩා දියුණු දුම්රිය සේවාවක් පවතින ඉන්දියාව හා සම්බන්ධ වෙමින් මෙරටට දුම්රිය හා අනෙකුත් අවශ්‍ය දෑ ගෙන්වීමේ ඇති හැකියාව සොයා බලන බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත්ය.
එළැඹෙන ජනවාරි මාසය වන විට මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.