පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ 48ක් වංචා කළ කත අත්අඩංගුවට

    සැප්තැම්බර් 30, 2022

    විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

     

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට විශේෂ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම මෙහෙයවා තිබේ.

    ඒ අනුව මාතලේ, උකුවෙල, ඇල්වල, අංක 51/9 ලිපිනයේ “හෙර්ස් ජොබ්” නමින් පවත්වාගෙන ගිය ඒජන්සි ආයතනය වැටලීම් කර, එම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවක විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 53ක්, රැකියා අයදුම්පත් 26ක්, මුදල් ලබාදුන් බවට සඳහන් රිසිට්පත් ඇතුළු තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.

    වැඩිදුර විමර්ශනය කිරීමේදී අත්අඩංගුවට ගත් කාන්තාව විදෙස් රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් රු.4,848,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව හෙළිවිය.

    අත්අඩංගුවට ගත් සැකකාරිය 2022.09.22 දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, 2022.09.29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.  යළි අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබේ. 2022.12.15 දින නඩුව යළි කැඳවීමට නියමිතය.

    මෙම වැටලීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර, එම්.කේ.සුමනවීර, සහාය නිළධාරීන් වන ඩබ්.එම්.කේ.ජානකී, වසන්ත ඒකනායක, මධුශංක විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන කාර්යාංශ නිළධාරින් සහභාගි වී ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya