අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, පසුගියදා (28) කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතමිනි.
රටවල් 194 ක නියෝජිතයින් සහභාගී වන මෙම සැසි වාරය සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 07 වෙනිදා දක්වා මොන්ට්‍රියල් නුවරදී පැවැත්වේ.
තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, 2020 වසරේ සිට උද්ගත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්‍රජාවට ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරු වීමට සිදු වු බවත්, විශාල ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වු බවත්ය. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංචාරක කේෂත්‍රයේ විශාල කඩා වැටීමක් සිදු වු අතර මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බාධාවක් විය. ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නේ සංචාරක ව්‍යාපාරය, විදේශ රැකියා සහ භාණ්ඩ අපනයනයෙන්ය. එලෙස උපයන විදේශ විනිමය ඉතා වැඩි වශයෙන් වියදම් කරනුයේ ඉන්ධන, බෙහෙත්, පොහොර සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අනයනය කිරීම සදහාය. මේ වන විට ඇතිව තිබු ආර්ථික අවපාතය අවම කිරීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබේ.නමුත් මෙම සියලු බාධක යටතේ වුවත් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කේෂත්‍රය පෙර තත්ත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණක් බව මෙහීදී අමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් බලපෑමෙන් පසුව ගුවන් සේවා කේෂත්‍රය පෙර තත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය වග කිව යුතු සංවිධානයක් ලෙස ඉටු කළ කාර්යභාරය සමාජික රටක් ලෙස ඉතා අගය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මේ වන විට ඕනෑම ප්‍රදේශයකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි අභ්‍යන්තර මාර්ග පද්ධතියක් සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඇති බවත් රටේ ඕනෑම පුරවැසියෙකුටම කි.මි. 100ක් ඇතු ළත ජාත්‍යන්තර ගුවන්තොටුපලකට ළඟා විය හැකි බවද පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරයේ සමුළු සභාපති ලෙස ඡන්දයෙන් පත් වූ නව සභාපතිතුමිය වෙත ශ්‍රී ලංකා රජයේ සුභා සිංසන පල කලේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතාද මෙම සැසියට සහභාගි විය.