රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පැන නැගී ඇති ජනතාවගේ පෝෂණ ඌනතා මගහැරවීම උදෙසා දිවයින පුරා සිටින ආයුර්වේද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින ප්‍රජා සෞඛ්‍ය සංවර්ධ නිලධාරීන් සහභාගී කරගනිමින් පුළුල් වැඩපිළිවෙලක් වශයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත.
ඒ යටතේ ජනතාව දේශීය ආහාර පරිභෝජන රටාවට හුරු කරවමින් දේශීය සහල්, අල වර්ග, කැඳ වර්ග, පලා ඇතුළු ශාකමය ආහාර පරිභෝජනය තුළින් ඔවුන්ගේ පෝෂණ ඌනතා මග හැරවීම උදෙසා විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩපිළිවෙල කැලණිය අධ්‍යාපන කලාපයේ බප/කැල කැලණි මහා විද්‍යාලයෙන් සැප්තැම්බර් මස 30 වනදා එනම් අද පෙරවරු 07.30ට රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර මෙය කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් 10ක ක්‍රියාත්මක කිරීමටද නියමිතය.