“කාලගුණික අවදානම් සංසදයේ” උපදේශිකාවන් වන සාරා ජේන් අහම්ඩ් (Sara jane ahmed) සහ මිනියෙට් ෆැබ්බිනා (Miniyat fabbiha) යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඊට අදාළ දළ සැලැස්ම ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.
පරිසර අමාත්‍යාංශය මූලික කරගනිමින්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම මේ සඳහා බලපාන සියලුම ක්ෂේත්‍රවල විභවතාවයන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන සැලසුම්වලට ජාතික දේශගුණික සැලැස්ම ද දායක කර ගෙන ව්‍යාපෘතී සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.