ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කරයි.
පසුගිය දා (29) දුම්රිය දෙපාර්තෙම්න්තුවේ ඉදිරි සැලසුම් සහ නව දුම්රිය වාර ආරම්භ කිරීම පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.
නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වෙයි. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙයි. දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යවරයා කියයි. පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500කි.